හර්ෂගෙන් ජනපතිට පැසසුමක්

හාන්ස් විජේසූරිය වැනි වියතුන් සම්බන්ධ කරගෙන ජනපති ගමන යන්නට පටන් ගැනීම ගැන  සතුටු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“දේශපාලන මතය කුමක් වුවත් ඩිජිටල්කරණය ක්‍රියාත්මක විය යුතුයි.අපත් බොහෝ කලක් තිස්සේ එය කරන්න උත්සාහ කළත් අවශ්‍ය තරමට ක්‍රියාත්මක කරගන්න හැකි වුණේ නැහැ.දේශපාලන භේදයකින් තොරව ඩිජිටල් ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහාය දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

ඉලෙක්ට්‍රොනික් හැදුනුම් පතක් හැදීමට කාලයක් තිස්සේ උත්සාහ කරනවා.නමුත් එය සාර්ථක කරගන්න බැරිවුණා යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *