නදුන් චින්තක නොහොත් හරක් කටා කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ.
ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.
වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ, හරක් කටා පළා යෑමට උත්සාහ කිරීමේ සිදුවීමට අදාළ කිසිඳු CCTV දර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර කැමරා පද්ධතියේ සටහන්ව නොමැති බවයි.
දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ, එහි CCTV කැමරා පද්ධතිය වසර එකහමාරක පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයක පැවති බවයි.
කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් පසු ව මේ වන විට කඩිනමින් CCTV කැමරා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.