අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි හමුදා ඛණ්ඩ දෙකක් මන්ත්‍රීවරයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංෂික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා,
“අරගලය සමයේ ප්‍රචණ්ඩ සිදුවීම් වෙද්දි හමුදාව මොකද කළේ? අතුකෝරළ මන්ත්‍රීතුමාව ආරක්ෂක නිලධාරියා උඩට අරගෙන ගියා එතන හමුදා ඛණ්ඩ දෙකක් ඉඳලා තියෙනවා නිට්ටඹුවේ පොලිස් ස්ථානාධිපති හමුදා නිලධාරින්ට කතා කරනවාමන්ත්‍රීතුමාව බේරගන්න එන්න කියලා උඩින් උපදෙස් ලැබුණේ නැහැ කියලා හමුදා නිලධාරින් කියලා උපදෙස් ලැබුනත් නැතත් ජීවිතයක් බේරගන්න බැරිද? ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කර විමර්ශනයක් ඇරඹුවා.”
මේ වෙනකොට පොලිස්පති කෙනෙක් නැහැ. කොච්චර කාලයක් යයිද තව පත්වෙන්න?
“රජයෙන් තමයි අහන්න ඕනේ ව්‍යවස්ථාදායක සභාවෙන් අහන්න ඕනේ ඉස්සර පොලිස්පති පත්කළේ ජනපති ජනපති තමයි රටේ ආරක්ෂාව භාරව ඉන්නේ. ජනපතිට පොලිස්පති පත්කරන්න බැරිනම් වැඩක් නැහැ. මම 19 සහ 21 සංශෝධනවලට විරුද්ධ වුණේ ඒකයි ජනපතිට ඒ බලය තියෙන්න ඕනේ එහෙම බලයක් නැති නිසයි පොලිස්පති පත්කරන්න බැරි.”