හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ  නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැරීම වළක්වමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා එම යු ටියුබ්  නාලිකාවට එරෙහිව කොන්දේසි සහිත තහනම් ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිකුත් කළේය.

දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසටද විත්තිකරුවන්ට නියෝග කළේය.

යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කෙරිණි.

ලංකා වි නිවුස් වෙබ් අඩවියට සහ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකුට මෙම ආඥාව නිකුත් කළ අතර  ඇමරිකාවේ  යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමට අදාල නියෝග සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමටද නියෝග කළේය .

එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ පැමිණිල්ලට කරුණු දැක්වූ නීතිඥ සිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම අසංසාත්මක හා අපකීර්තිමත් ප්‍රකාශ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවය.

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ  පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව (සමාජ මාධ්‍ය පනත යටතේ) මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *