හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙනගොස් සිටිබවට සැකකළ සුජිත් යටවර බණ්ඩාර මහතා මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කර ඇති බවය.
මේ අතර සුජිත් යටවර බණ්ඩාර මහතා දේහය ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.