හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති

කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි.

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 16-17 වයසේ පාසල් සිසුන් කණ්ඩායමක්  පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම ප්‍රදේශයෙන් හන්තාන කන්ද තරණය කොට ඇති අතර සවස 6.00 පමණ වන විට අධික මීදුම සහ ශීතල හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළි ගමන් මාර්ගය සොයා ගැනීම අපහසු වී තිබේ.

පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඊයේ  (05) අලුයම් කාලයේ සරසවිගම ප්‍රදේශයෙන් එම සිසුන් ආරක්ෂිතව පහළට රැගෙන විත් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *