රෝගී තත්ත්වයක් හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතා විසින් තම වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තැබූ පණිවිඩය හරහා සියලු ම රෝහල් කාර්යය මණ්ඩලයටත්, තම රසික රසිකයන්ටත් ස්තුතිය පළ කරන ඔහු සුළු කාලයක් විවේක ගන්නා බව ද එහි සඳහන් කරනවා.
අදාළ පණිවිඩය පහතින්.
“දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන ලද අතර, වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී ගමට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු විසින් දැනුම් දෙන ලදී.”