සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස  ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට  ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇත්තේ 1998 වර්ෂයේ සිට 2023  වර්ෂය දක්වා කාලයේදී බව එම වාර්තාව සඳහන් කරයි

මේ අතර කොළඹ රීජ්වේ  ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය  යටතේ  කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද  2023  වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද අපේක්ෂා රෝහල සඳහාවූ  පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහක් පැවති  බවත්  2022 හා 2023 වර්ෂයන්හිදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවත්  විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *