දිවයින පුරා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුළු සේවක වෘත්තීය සමිතිවල දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් විපතට පත් රජයේ රෝහල් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය භට පිරිස් යොදවා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස භට පිරිස් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ මාතර, බලංගොඩ, ඇහැලියගොඩ, නාවලපිටිය, බදුල්ල,ගම්පොල සහ මීරිගම යන රජයේ රෝහල්වල භට පිරිස් යොදවා ඇත.
මේ වන විට මෙම රෝහල්වල භට පිරිස් 500ක් යොදවා ඇති අතර සෞඛ්‍ය සේවාවන් අපහසුතාවයකින් තොරව සුමටව ක්‍රියාත්මක වන පරිදි හදිසි ආපදා තත්ත්වයකදී තවදුරටත් යෙදවීම සඳහා අමතර භට පිරිස් සමඟ සිට ගන්නා ලෙස යුද හමුදාපතිවරයා ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දී ඇත. පොදු.