ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් අතරතුරදී ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව කීය.