කෙහෙළිය රඹුක්වැල්ල හැර වෙනත් ඕනෑම අයෙකු සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර ගැනීමට සුදුසු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රබුක්වැල්ල මහතා ඉවත් කළ සඳුදා කැබිනට් සංශෝධනයෙන් පසුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රඹුක්වැල්ල වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නම් කළේ වෛද්‍ය රමේෂ් පතිරණයි.
මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම අමාත්‍ය ධුර වෙනස් වූ අතර එම කැබිනට් සංශෝධනය ඔක්තෝබර් 23 සඳුදා සිදු විය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඔහු ඉල්ලා අස්විය යුතු බවට පුලුල්ව ප්‍රචාරය විය.
පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් පවා ඉදිරිපත් කළ නමුත් අවසානයේ එය පරාජයට පත් වූයේ ඔහුට තම තනතුර රැක ගැනීමට ඉඩ සලසමිනි.