සොරකමක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයා අත්අඩංගුවට

පසුගිය ජුනි මස 23 වන දින කොල්ලකෑමක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හත් දෙනකුගෙන් යුත් කල්ලියක් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 16කට වැඩි වටිනාකමකින් යුත් මුදල් සහ ස්වර්ණාභරණ සහ සිම් කාඩ්පත් හතක් පැහැරගෙන ගොස් තිබෙනවා. නිධානයකින් ගොඩගත් දේපොළ නිවසේ සඟවා ඇති බවට ලද තොරතුරක් මත ඔවුන් නිවස පරීක්ෂා කර තිබේ.

විමර්ශනවලදී බ්‍රහස්පතින්දා (26) සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් කොල්ලය සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සේවයේ නියුතු යුද හමුදා කර්නල්වරයෙකු මෙම කොල්ලය පිටුපස සිටි මහ මොළකරු බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවූ එක් සැකකරුවෙකු මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඉන් එක් අයෙකු හිටපු ගුවන් භටයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින තවත් තිදෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එරංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *