සොඳුර අත්අඩංගුවට

වැල්ලම්පිටිය සහ මුල්ලේරියාව ප්‍රදේශවල පිහිටි නිවාසවලට සහ වෙළෙඳසැල් වෙත ඇතුළු වී භාණ්ඩ සොරකමේ නිරතවූ ‘සොඳුර’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5847 ක් සමග කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී මෙම භාණ්ඩ සොරකම් පිළිබඳව හෙළිවී ඇත.

එහිදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ 8කට ආසන්න භාණ්ඩ තොගයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ රන් ආභරණ, විදුලි උපකරණ සහ බර ඔසවන ජැක් දෙකක් ඒ අතර ඇති බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *