සෙනසුරාදා ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්…

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (10) පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) අද ප්‍රකාශ කළේය.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය සපයන නළවල අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (10) පෙරවරු 10.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

මේ අනුව, පහත සඳහන් ප්‍රදේශ බලපානු ඇත:

  • කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ.
  • මහරගම, බොරලැස්ගමුව, සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ
  • කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය
  • රත්මලාන සහ කටුබැද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *