සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි

ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සූර්ය බල ශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75 ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇත.

ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් 25,000 ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වේ. සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයට අදාලව සුර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR – C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත් කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

ඒ අනුව, බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2024/25 මූල්‍ය වර්ෂයේ සිට ඇමෙරිකා ඩොලර් 25,000 ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම.

*ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR-C) පිහිටුවීම.

*රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුව ‘ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *