අද දිනයේදී හිරු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ පහකට ඍජුව ඉහළින් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම හේතුවෙන් අප්‍රේල් 15 දක්වා ශ්‍රී ලංකාවේ අක්ෂාංශ වලට ඉහළින් පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් අද ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වී ඇති ආසන්නතම ප්‍රදේශ වන්නේ කල්පිටිය, දුනුපොටගම, නිකවැව, සෝමාවතී විහාරය සහ වෙරුගල් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දහවල් 12.11ට පමණ එම ප්‍රදේශවලට සෘජුවම හිරු මුදුන් වන බවයි