’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’

සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රථ වාහන ආනයනය කළ යුත්තේ රුපියල බාල්දු නොවන ආකාරයට බව කී මන්ත්‍රීවරයා රුපියල බාල්දු වුවහොත් නැවත ශක්තිමත් කිරීම සඳහා බදු වැඩි කිරීමට සිදුවන බව කීය.

ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විධිමත් කාර්යභාරයක් සිදුකළ යුතුව ඇති බව කී කරුණානායක මහතා ඉන්දියාව,චීනය,ඇමරිකාව,යුරෝපය,ජපානය,යන රටවල් සමග එක්ව විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව සඳහන් කළේය.

කළ යුත්තේ ජේ.ආර් අනුගමනය කළ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් බවද කරුණනායක මහතා සඳහන් කළේය.

ආනයන තරමටම අපනයන දියුණු නොකළහොත් රුපියල දෙදරන බවද කරුණානායක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *