සුළි කුණාටුවෙන් ඉදිරි දිනවල වැසි

ගිනිකෝණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කාලපය ඉදිරිප පැය 24කදී බටහිට වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වාර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එය දෙසැම්බර් 12 වැනි දා පමණ වන විට ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම නිසා දෙසැම්බර් 12 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය වැඩිවීමක් අපෙක්ෂා කරන අතර දිවයින හරහා ඊසාන දිග මොසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු වේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.

බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ තද වැසි ඇති විය හැකියි.

බස්නාහි සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75වැඩි තරමක තද වැසි ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *