සුරැකුම්පත් කොමිසමට නව මුහුනක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කාර සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආයෝජන කළමනාකරුවන්, ආන්තික ණය පහසුකම් සපයන්නන්, ප්‍රාරක්ෂකයින් යටතට වැටෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන්, නිෂ්කාෂණ ආයතන, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන යටතට ගැනෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන් නියාමනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව යටතට ගැනේ.

පසුගිය දෙසැම්බර් 03 දින සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත්කර තිබුණි. ඒ එතෙක් සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනෙල් ටී. විජේසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *