සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගයක් නිකුත් කළාය.

නාඳුනන පුද්ගලයකු සුජීව සේනසිංහ මහතාට දුරකතන ඇමතුමක් ගෙන ඔහුට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් විමසා ඔහුට මරණීය තර්ජන එල්ල කර ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් කොල්ලුපිටිය පොලිසියේ 81003 අමිත් නිලධාරියා ප්‍රකාශ කළේය.

දුරකතන ඇමතුම ලබාදුන් සැකකරු හඳුනාගෙන නොමැති බවත් වැඩිදුර විමර්ශනය කර වාර්තා කරන තෙක් නඩුව බහා තබන ලෙසත් ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අමිත් නිලධාරියා කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියගෙන් ඉල්ලීමක් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *