සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා ප්රශ්නගත V8 සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මෝසමක් මාර්ගයෙන් ඊයේ (11) දින සංදේශය ගොනු කළ අතර එහිදී කරුණු දක්වමින් කියා සිටියේ මෙම ප්රශ්නගත වාහනය ශ්රී රංගා මහතාට පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ලැබුණු වාහන බලපත්රයකට 2010 වසරේදී මෙරටට ආනයනය කළ එකක් බවයි.