“සීතාවක පොඩ්ඩා”ගේ තවත් සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

“සීතාවක පොඩ්ඩා“ නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයෙකු සතුව තිබී ලියාපදිංචි නොකළ යතුරු පැදියක් සහ තියුණු ආයුධයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා ඔහු සිටින ප්‍රදේශයේ මහජනතාව බිය ගන්වා විවිධ ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමක දී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ලියාපදිංචිය තහවුරු නොකළ යතුරුපැදියක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *