ඓතිහාසික සීගිරිය පර්වතය රාත්‍රී කාලයේ සංචාරකයන් සඳහා විවෘත කෙරෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන රාත්‍රී කාලයේ ආලෝකකරණය සහිත සීගිරියේ රූපය ද ව්‍යාජ එකක් බව එම අමාත්‍යාංශය ඊයේ (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
දැනට සීගිරිය නැරඹීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අවස්ථාව දෙන්නේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා කාලයේ පමණි. එම කාලසීමාව වෙනස් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.