නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට පොලිතින් සහ පුවත්පත් කෑමට බල කළ බව කියන සිද්ධියෙන් පසු එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරුකර යවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පස්බාගේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ දැනට පවතින පරීක්ෂණ කටයුතු පහසු කරවීම සඳහා විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවයි.