සිවිල් ආරක්ෂක බලකායට වසර හතරකින් බඳවා ගැනීමක් නෑ

වසර තුනහමාරක් තුළ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකළ සිවිල් ආරක්ෂක බලකාය අකර්මණ්‍ය බලකායක් ලෙස දැන් නම් කර ඇති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) අනාවරණය කළේය.

2019, 2020 සහ 2021 වසර සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පසුගියදා පැවති COPA රැස්වීමේදී මේ බව අනාවරණය විය.

සිවිල් ආරක්ෂක බලකායේ මේ වන විට පුද්ගලයින් 33,687 දෙනෙකු සේවය කරන බවයි පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ.

රාජ්‍ය අයවැයට ගැළපෙන පරිදි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නීතිමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 11 වැනිදාට පෙර දිනයක් සහිතව වාර්තාවක් COPA වෙත ඉදිරිපත් කරන ලෙස COPA සභාපති ලසන්ත අලගියවන්න නිර්දේශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *