සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් පත් කරයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය 2025-01-01 දින සිට පුරප්පාඩුව පවතී. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ. එච්. පී. පාලිත ප්‍රනාන්දු මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කිරීම සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, ඒ මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත  වසරක කාලයක් සඳහාත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *