සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචන?

ගෑස් සිලින්ඩරයෙන් තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීම සුදුසු බවට එම පක්ෂයේ නායකයන් අතර කොළඹදී පැවති හමුවකදී යෝජනා ඉදිරිපත්ව තිබේ.

නමුත් විවිධ පාර්ශ්ව පාර්ශ්ව වලින් විවිධ යෝජනා පැමිණීම නිසා කංචන විජේසේකර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමේ යෝජනාව ස්ථිරතාවයට පැමිණ නැති අතර බන්දුල ගුණවර්ධන මහතා එහිදී යෝජනා කර ඇත්තේ මේ මොහොතේ පලපුරුදු නායකත්වයක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතු හෙයින් මේ සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීම සුදුසු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ඔවුන්ගේ නියෝජිතයකු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා යැවීම සුදුසු බවට යෝජනා කර ඇති අතර ඊට සහභාගී වූ නිමල් ලන්සා මහතාද තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම සුදුසු බව පවසා තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවැති එම හමුව එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර ඉදිරියේදී තවදුරටත් රැස්වී සුදුසු නමක් තීරණය කිරීමටද එකඟතාවයකට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *