සිලින්ඩරේ ඉතිරි ජාතික ලැයිස්තුවත් හොරෙන්ම

ගෑස් සිලින්ඩරයෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය  සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ.

මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින්  මැතිවරණ කොමිසමට මීට පෙර යවා තිබිණි.

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය  සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා  ඇත්තේද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *