සිරිපා වාරය ඇරඹී මාසයයි – මත්ද්‍රව්‍ය සමග 150ක් අත්අඩංගුවට

2019 දෙසැම්බර් මස උදුවප් පොහොය දිනයෙන් ඇරඹි ශ්‍රි පාද වන්දනා වාරයට මාසයක් සපිරුණු පසුගිය 11 වැනි දින වනවිට මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනා කිරීමට පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ හෙරොයින්, අයිස්, කේරල ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි, මත් පෙති රැගෙන පැමිණි තරුණයින්ය. ඉන් සැකකරුවන් 110 දෙනෙක් වරද පිළිගෙන ඇති බැවින් ඔවුන්ට දඩ මුදල් නියම කර මුදා හැර ඇති අතර, අනෙක් තරුණයන් 40 දෙනොට එරෙහිව මේ මස 21 දින අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් මත්ද්‍රව්‍ය සමග ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *