ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා සිරකරු බසයකින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය.
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇති අතර, නාමල් රාජපක්ෂ මහතා රැගත් බන්ධනාගාර බසය ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය.
පාර්ලිමේන්තු පිවිසුමේදී මාධ්‍යවේදීන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරන බවයි.
“ඒක පාර්ලිමේන්තුවේදී කියන්නම්. මෙතැනදී ඒක කරන්න බැහැ,” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.
නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වැඩපිළිවෙළ යටතේ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබීය.


