සියලු දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා – ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රාජකාරිවල යෙදවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව මහජන ආරක්ෂණ පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. නොවැම්බර් 22 වැනිදා සිට මෙම නියෝගය බල පැවැත්වෙන අතර කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25ටම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආරක්ෂාව සදහා යෙදවීමට නියමිතය.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව සඳහා පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *