තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු චෝදනාවලින් නිදහස් වී තිබේ.
නිල් චිත්‍රපට නිළියක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය ‘යට ගැසීමට’ ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් ගෙවීම සම්බන්ධ ව්‍යාපාරික වංචා චෝදනා මත ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොලන්ඩ් ට්‍රම්පට චෝදනා ගොනු විය.
ඒ අනුව ට්‍රම්පට 2023 මාර්තු මාසයේදී මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් අධිචෝදනා ගොනු කරන කෙරිණි.
2024 මැයි 30 වන දින ජූරි සභිකයින් 12 දෙනෙකු විසින් ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කිරීමේ චෝදනා 34කටම ට්‍රම්ප් වැරදි කරු කළ අතර නඩු විභාගය අතරතුරදී නඩු පවරන්නන් චෝදනා කළේ ට්‍රම්ප් මැතිවරණය අඩපණ කිරීමේ නීති විරෝධී කුමන්ත්‍රණයක කොටසක් බවය.