Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක කාලයේ දී ඉන් 10% ක ප්‍රමාණයක් මිණුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාදිමට පියවර ගන්නා බව ද පැවසිය.

නිසි මිණුම්කරණයෙන් පසු සියලු ඉඩම් ඒකක සඳහා හිමිකම් සහතික පත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙස ද ඊයේ (10) පස්වරුවේ ජනාධිති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරින්ට දැනුම් දුන්නේය.

හවුල්, ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කෙරේ. නවීන මැණුම් උපකරණ, ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීමේ දී අලුතින් බඳවා ගන්නා උපාධිධාරින් යොදා ගැනීමේ හැකියාව මෙහිදී සලකා බැලිණ.

සියලු මිණුම් එකම දත්ත පද්ධතියක් යටතට ගෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබාගත හැකි පරිදි සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, මැනුම්පති එස්.ඩී.පී.ජේ. දම්පේගම යන මහත්වරුන් ඇතුළු නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *