රජයේ සියලූ පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) දිනයේ සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය කාලසටහනට අනුව පාසල් පැවැත්වෙනු ඇති.
කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට සැප්තැම්බර් 8 වන සඳුදා දින සිට පාසල් යළි විවෘත වේ.
ඉකුත් අගෝස්තු 10 වනදා සිට කොරෝනා වසංගත තත්වය නිසා වසා දැමුනු සියලූ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුණා.