කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.
ඒ අනුව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බවත් රජය දන්වා සිටී.