සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති සංචාරයකට දිවයිනට

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා  ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා වූ ජුලියස් ජනපති සමග දූත පිරිස ලෙස තවත් 09 දෙනෙක් ද පැමිණ සිටියහ .

ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරන ගුවන් යානයෙන් ඊයේ දින පස්වරු 05.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *