වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බව සිමෙන්ති නිෂ්පාදකයෝ පවසති.
ජනවාරි 01 දා සිට එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීම හේතුවෙන් මිල වැඩි කළ බව ඔවුහු පැවසූහ.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව සිල්ලර මිල රු. 2,450 කි.
මේ අතර, ජාතික ඉදිකිරීම් කම්කරු සංගමයේ (NCWU) ලේකම් සුපුන් අබේසේකර පැවසුවේ සිමෙන්ති සඳහා සියයට තුනක වැට් බද්දක් පැනවිය යුතු නමුත් සමාගම් සියයට තුනකට වඩා පනවා ඇති බවයි.
ඔවුන් පවසන පරිදි සිමෙන්ති ආශ්‍රිත භාණ්ඩයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇත.එමෙන්ම වැට් බද්දට අනුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිලද ඉහළ යන බවද අබේසේකර මහතා පැවසීය.