සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය  සමත් වී ඇත.

එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

වෙළඳපොළට විකිණීමට යොමු කර තිබෙන ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා  පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව එම නිලධාරීන් කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *