සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ජීවිතයෙන් බිදක්

Share this Article

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යන නම අපට එතරම් නුපුරුදු නමක් නොවේ. ඔහු පිළිබද ඉතිහාසයේ විවිධ මතිමතාන්තර පැවතුන අතර සමහරෙක්  ඔහු මිනිස් මනස ගැඹුරින් අධ්‍යයනය කළ දේවත්වයට සමාන චරිතයක් ලෙස සැලකු අතර තවත් සමහරෙක්ට අනුව ඔහු වංචාකාරයෙක් විය. ඒ ඔවුන්, ඔහු එතරම් අවබෝධ කර නොගත්, අඩුවෙන් විස්තර කරමින් නව විද්‍යාවක් නිර්මාණය කෙරු හා එම නව විද්‍යාව යහපතට වඩා හානියක් සිදු කල බව විශ්වාස කල බැවිනි.

කෙසේ වෙතත් ඔහු විසින් සිදුකල පර්යේෂණ මානව වර්ගයා කෙරෙහි සැලකිය යුතු මට්ටමක බලපෑමක් කල බව සියලු දෙනා අවිවාදයෙන් පිළිගත යුතු අතර සෑම දෙනාම පාහේ සැම විටම අවධානය යොමුකරන අනුන්ගේ අහංකාරකම ගැන ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කල න්‍යායයන් අදටත් මනෝ විශ්ලේෂණයේ විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ලෙස සැලකේ.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ජීවිතය ආන්දෝලනාත්මක විය.  18 වන සියවසෙ අගභාගයේ සහ 19 වන සියවසේ මුල් අවධියේ වියේනාහි  යුදෙව් න්‍යායාචාර්යවරයෙක්, යුදෙව් විරෝධය පැතිරී ඇති කාලයක සිදුකල න්‍යාත්මක ඉදිරිපත් කිරීම මනස තරම්ම සංකීර්ණ ය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිබඳ අප්‍රකට කරුණු කිහිපයක් පහතින් අප ඉදිරිපත් කරන්නෙමු.

 

  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උපත ලැබුවේ හිසේ සිවියක් සමඟ වන අතර එය ඔහුගේ මව විසින් සුභ නිමිත්තක් ලෙස අර්ථකථනය කරයි

ෆ්‍රොයිඩ්
අමලියා ෆ්‍රොයිඩ් (වාඩි වී සිටින) ඇගේ පුත් සිග්මන්ඩ් ශ්‍රේෂ්ඨත්වයට පත්ව වන බව විශ්වාස කළ අතර ඔහුට එය නිතරම මතක් කර දුන්නේය.

ෆ්‍රොයිඩ්ගේ මව වූ අමලියා ඇගේ පළමු කුලුඳුල් පුතාට සිදු වු දුර්ලභ සිදුවීම සුභ නිමිත්තක් ලෙස සැලකුවේය. (ඇය තවත් දරුවන් හත්දෙනෙකු බිහි කරයි, ඔවුන්ගෙන් එක් අයෙක් ළදරු වියේදී මිය ගියේය). තම පුතා ශ්‍රේෂ්ඨත්වයට පත් වන බව ඇය විශ්වාස කළ අතර, සිග්මන්ඩ්ගේ ළමා කාලය තුළ පවුලේ නිතර එම කථාව පුනරාවර්තනය විය.

ෆ්‍රොයිඩ් පසු කලෙක ප්‍රකාශ කළේ මෙම කතාව සහ ඔහුගේ මවගේ විශ්වාසය ඔහු තුළ “ශ්‍රේෂ්ඨත්වය සඳහා පිපාසය” ඇති කළේද යන්න තමා නිතරම තමාගෙන්ම ප්‍රශ්ණ කර ගත් බවකි.

අමලියා ඇගේ සැමියා වන ජාකොබ් ෆ්‍රොයිඩ්ට වඩා අවුරුදු 20 ක් බාලවු අතර ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් දෙදෙනෙකු ඔවුන්ගේ විවාහයට ගෙන ආ අතර මේ අනුව ෆ්‍රොයිඩ් ඔහුගේ මවගේ පළමු පුත්‍රයාය ද පියාගේ තුන්වන පුත්‍රයාද විය.

 

  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ව්‍යාකරණ හා භාෂා සඳහා දක්ෂවිය

ෆ්‍රොයිඩ් සිය මුල් පාසල් අධ්‍යාපනය අවසන් කළේ උද්යෝගිමත් ශිෂ්‍යයෙකු බව ඔප්පු කරමිනි. ඔහු සම්භාව්‍ය සාහිත්‍යයට ජීවිත කාලය පුරාම ආදරය කළ අතර භාෂා පිළිබඳ මනා දැනුමකින් යුක්ත විය. ද්විතීයික පාසල් අධ්‍යාපනය අවසන් කරන විට ඔහුට ජර්මානු, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ඉතාලි, ග්‍රීක, ලතින් සහ හෙබ්‍රෙව් භාෂාවලින් කියවීම හා ලිවීම හැකියාව ප්‍රගුණ කර තිබු බව ඉතිහාස වාර්තාවල සදහන් වේ.

තරුණ ෆ්‍රොයිඩ්
තරුණ ෆ්‍රොයිඩ්

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය ද්විතීයික පාසල් අධ්‍යාපනය අවසනයේදී වියානා විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීමට අදහස් කළේය. කෙසේ වෙතත් ඔහු එහි පාසලට ඇතුළත් වූ පසු (ඔහුට වයස අවුරුදු 17ක් විය) ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තෝරා ගත් අතර ඔහුගේ අධ්‍යයන කටයුතු හා ඔහුගේ පර්යේෂණ කටයුතුවල කොටසක් ලෙස යුරෝපයේ සංචාරය කල තරුණ ෆ්‍රොයිඩ් 1870 ගණන්වල අගභාගයේදී ඔස්ට්‍රියාවේ අනිවාර්ය හමුදා සේවයට අනුකූල වීම සඳහා වසරකට පාසලෙන් නිවාඩු ලබා ගැනීමට සිදුවිය.

ඔහු 1881 දී වියානා වෙතින් වෛද්‍ය උපාධිය ලබා ගත් අතර ඊළඟ වසරේදී ෆ්‍රොයිඩ් වියානා මහ රෝහලේ කාර්ය මණ්ඩලයට බැඳී මොළයේ ව්‍යුහ විද්‍යාව පිළිබඳව පුළුල් පර්යේෂණ සිදුකිරීම ආරම්භ කරන ලදී.

 

  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කොකේන් එහි ඇබ්බැහි භාවිතය පුළුල් ලෙස අධ්‍යයනය කළේය

කොකේන් වල බලපෑම පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ පර්යේෂණ පදනම් වූයේ ඔහු පුද්ගලිකව එය භාවිත කර එයට දක්වන ප්‍රතික්‍රියා අධ්‍යන කිරීම මත ය.

කොකේන් පානය කිරීමෙන් ලබා දෙන “කල්පවතින ප්‍රීති ප්‍රමෝදය” ගැන ඔහු ලියා ඇති අතර, එය ආහාර සඳහා ඇති ආශාව මැඩපැවැත්වීමට නැඹුරු වන බව නිරීක්ෂණය කළේය. ශාරීරික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීමට කොකේන් වලට හැකියාව ගැන ද ඔහු පුදුමයට පත් විය.

ඖෂධ නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන් දෙදෙනෙකු විසින් ෆ්‍රොයිඩ් කරන ලද පර්යේෂණයන් සදහා සහාය දුන් අතර වෙනත් වචන වලින් කිවහොත්, ෆ්‍රොයිඩ් විසින් තමන්ට සහය දක්වන නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග රෝගීන්ට අනුමත කරමින් සිටියේය.

ඔහුගේ පර්යේෂණයන් තුලින් කොකේන් වලට ඇබ්බැහි වීමේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීම හැර එවාට විසඳුම් ලබා දී නැත.

“පළමු කොකේන් මාත්‍රාව හෝ නැවත නැවත ලබා ගැනීම මගින් තවදුරටත් කොකේන් භාවිතා කිරීමට උත්තේජනයක් ඇති නොකෙරේ.” යනුවන් ඔහු සිය පර්යේෂණ සටහන් තුල දක්වා ඇති අතර වැඩිදුරටත් පවසන්නේ “ඇත්ත වශයෙන්ම වැඩිපුර භාවිතා කිරීමට “අකමැත්තක්” ඇති කළ බවය.

ෆ්‍රොයිඩ් කොකේන් භාවිතා කිරීම පිළිබඳ ඔහුගේ නිර්දේශ සහ නිරීක්ෂණ සමඟ සගයන් වෙත බෙදා හැරීමට පටන් ගත්තේය. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ කොකේන් පාලනයක් තුල භාවිතා කිරීමෙන් මත්පැන් සහ මෝෆින් සහ අබිං වලට ඇබ්බැහි වීම සුව වනු ඇති බවයි.

 

  • සමීප මිතුරෙකුගේ මෝෆින් ඇබ්බැහි වීම සුව කිරීම සඳහා ෆ්‍රොයිඩ් කොකේන් නියම කළේය

වෛද්‍ය අර්නස්ට් වොන් ෆ්ලයිෂ්ල්-මාක්සෝ වියනාවේ වෛද්‍යවරයෙක් සහ ෆ්‍රොයිඩ්ගේ සමකාලීන මිතුරෙක් වු අතර ඔහුගේ මාපටැඟිල්ල සිදු වු තුවාලයක් සුව කිරීමට අසමත් වීම හේතුවෙන් ආසාදනය වී ඔහුගේ මාපටැඟිල්ල කපා දැමීමට හේතු විය.

ඔහුගේ මාපටැඟිල්ලේ තුවාලය තිබූ ප්‍රදේශයේ අඛණ්ඩ හා වේදනාකාරී වේදනාවක් දරා ගැනීමට වෛද්‍යවරයාට සිදුවු අතර වෛද්‍යවරයා මෝෆින් භාවිතයෙන් වේදනාව පාලනය කිරීමට පටන් ගත් අතර ක්‍රමයෙන් මෝෆින් භාවිතයට ඇබ්බැහි විය. ෆ්‍රොයිඩ් තම මිතුරාට පැවසුවේ කොකේන් වලට ඇබ්බැහි වීමේ ගුණාංග නොමැති බැවින් මෝෆින් භාවිතයට පාලනය කිරීමට හා අවසානයේදී මෝෆින් වලට ඇති ඇබ්බැහි වීම අවසන් කළ හැකි බව තමා විශ්වාස කරන බවයි.

1884 මැයි මාසයේදී ඔහුගේ මිතුරා විසින් නිර්දේශ කරන ලද ප්‍රතිකාරය අත්හදා බැලීමට එකඟ වූ අතර මාස දෙකකට පසු ෆ්‍රොයිඩ් කොකේන් අත්හදා බැලීමෙන් සොයාගත් කරුණු Uber Coca (About Cocaine) නමින් පර්යේෂණ පත්‍රයකින් එළිදැක්වීය. එය ඔහුගේ පළමු විද්‍යාත්මක ප්‍රකාශනය වන අතර, එහිදී ඔහු කොකේන් වල අඩංගු නිර්වින්දන ගුණාංග පිලිබද සටහන් තැබිමට අසමත් විය.

වෛද්‍ය වොන් ෆ්ලයිෂ්ල්-මාක්සෝ ඔහුගේ මෝෆින් වලට ඇබ්බැහි වීම සුව කිරීමට අසමත් වූ අතර ඔහු අධික ලෙස කොකේන් භාවිතයට ඇබ්බැහි වී අවසනයේ දී වයස අවුරුදු 45 දී මිය ගියේය.

අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වන ෆ්‍රොයිඩ්ගේ තවත් මිතුරෙකු වන කාල් කොලර් අක්ෂි සැත්කම් සඳහා නිර්වින්දකයක් ලෙස කොකේන්හි ඇති ප්‍රයෝජන සොයාගත් අතර ඔහුගේ සොයාගැනීම සදහා යුරෝපයේ විශාල පිළිගැනීමක් ලැබුනි.

 

  • ෆ්‍රොයිඩ්ගේ පියාගේ මරණය ඔහුට තදින් බලපැවේය

1896 ඔක්තෝම්බර් මාසයේදී ඔහුගේ පියා මිය යන විට ෆ්‍රොයිඩ් මනෝචිකිත්සාව යනුවෙන් හැඳින්වූ සංකල්ප හා න්‍යායන් වර්ධනය කරමින් සිටියේය. “පියාගේ මරණය මට තදින්ම බලපෑ අතර එය මා හට මහත් කම්පනයක් ඇතිකලේය…” යනුවෙන් ඔහු එවකට ලිවීය.

ඔහුගේ ළමා කාලය තුලදී ඔහුගේ පියා, ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට නොමනා අයුරින් ලෙස සැලකූ බවට ඔහුගේ අධ්‍යයන ඇසුරෙන් ඔහු තුල විශ්වාසයක් ගොඩ නැගී තිබුනු අතර ෆ්‍රොයිඩ් ඒ වන විටත් දැඩි ස්වයං විශ්ලේෂණයක් ආරම්භ කර ඔහු කුඩා කාලයේ සිටම තම මවගේ ප්‍රියතමයා වූ බවත්, ඔහුගේ පියා සමග මවගේ සෙනෙහසෙ සදහා තරග කල බවත්, එම තරගය සිග්මන්ඩ් ජයගත් බවත් විශ්වාස කළේය.

තම පියාගේ අභාවයෙන් පසු ෆ්‍රොයිඩ් තමා ගැන දිගින් දිගටම විශ්ලේෂණය කිරීම මගින් තම පියාගේ සෙනෙහස නොසළකා හරිමින් තම මවගේ අවධානය ලබා ගැනීමට කැමති වූ බව නිගමනය කල අතර ඔහු විශ්වාස කළේ එය සමාජයේ සෑම තරාතිරමකම තරුණ පිරිමි ළමයින් අතර ඇති වූ ආශාවක් බවය. ගැහැනු ළමයින් තම පියවරුන්ගේ සෙනෙහස වෙනුවෙන් තම මව්වරුන් සමඟ තරඟ කරන බව අධ්‍යනය කල ඔහු මෙම සංසිදියට Oedipal complex ලෙස නම් තබන ලදී.

 

  • ෆ්‍රොයිඩ්ට විශාල පවුලක් සිටියේය

1887 සිට 1895 දක්වා කාලය තුළ උපත ලැබූ දරුවන් හයදෙනෙක් ෆ්‍රොයිඩ් සහ ඔහුගේ බිරිඳ මාර්තාට සිටියහ. 1891 දී ෆ්‍රොයිඩ් පවුල වියානාහි නිවසක පදිංචියට ගිය අතර එය 1938 වන තෙක් එය ෆ්‍රොයිඩ් පවුලේ නිවහන විය.

freudfamily1898

මාර්තාගේ සහෝදරිය වන මින්නා බර්නස් ෆ්‍රොයිඩ් නිවසට පැමිණි අතර, ඇගේ පෙම්වතා මියගිය පසු නිවසේ ස්ථිර සාමාජිකාවක් බවට පත්විය. ෆ්‍රොයිඩ් සහ මින්නා සමීප වූ අතර දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කටකතා පැතිර ගියේය.

ෆ්‍රොයිඩ් සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය අතර ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ කටකතාව ආරම්භ වූයේ කලක් ෆ්‍රොයිඩ්ගේ අනුගාමිකයකු වූ කාල් ජුන්ග් සමඟ ය. ජුන්ග් 1957 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම සම්බන්ධය ඓතිහාසික කරුණක් ලෙස සඳහන් කරමින් කියා සිටියේ 1907 දී ෆ්‍රොයිඩ්ගේ නිවසට ගිය අවස්ථාවේදී මින්නා එය තමාට පාපොච්චාරණය කළ බවයි.

ෆ්‍රොයිඩ් ගෝලයෙකු වූ කාල් ජුන් ෆ්‍රොයිඩ් සමඟ බිඳී ඔහුගේ දරුණුතම විවේචකයෙකු බවට පත්විය.

 

2006 දී ස්විට්සර්ලන්තයේ හෝටලයක පැරණි සටහන් පොතක් තිබි සොයාගත් සටහන් අතර ෆ්‍රොයිඩ් සහ මිනා 1898 දී එහි නැවතී සිටි බවට සදහන්ව ඇත. ෆ්‍රොයිඩ් සහ මින්නා ඔහුගේ බිරිඳ ලෙස එම සටහනේ ලියාපදිංචි වි අතර මෙම සොයා ගැනීම බොහෝ දෙනෙකුට ඔවුන් අතර වු සම්බන්ධය සනාථ කළ අතර තවත් සමහරු ෆ්‍රොයිඩ් සහ ඔහුගේ නෑනා අතර අනියම් සම්බන්ධයක් ඇති බවට අදටත් විශ්වාස නොකරයි.

 

  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සුරුට්ටු පානයට තදින්ම ඇබ්බැහිවී සිටියේය. එය කොතරම් ද යත් ඔහු පෙනීසිටි බොහෝ චායාරූප වල සුරුට්ටුවක් අතැතිව සිටිමට කැමැත්තක් දැක්වීය

ෆ්‍රොයිඩ් වයස අවුරුදු 24 දී පමණ දුම්පානය ආරම්භ කළ අතර මුලදී අලුතින් ජනප්‍රිය සිගරට් රස වින්දේය. ටික කලකට පසු ඔහු සුරුට්ටු වලට මාරු වූ අතර, ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු ඒවා තදින් දුම් පානය කළේය. ඔහු දිනකට සුරුට්ටු විස්සක් පමණ පරිභෝජනය කල බවට වාර්තා ඇත.

 

 

ෆ්‍රොයිඩ් දිනකට සුරුට්ටු විස්සක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දුම් පානය කළේය.

 

ඔහු කොතරම් දුම්පානයට ඇබ්බැහි වීද යත් වරක් තම ඥාති පුත්‍රයෙකුට පැවසුවේ, “දුම්පානය යනු ජීවිතයේ ලොකුම හා ලාභම විනෝදය වන අතර, ඔබ දුම් පානය නොකිරීමට කල්තියා තීරණය කළහොත්, මට ඔබ ගැන කණගාටු විය වෙමි”.

ෆ්‍රොයිඩ් සිය වියානා නිවසේ තම සගයනන් සමග සතිපතා රැස්වීම් පැවැත්වීම ආරම්භ කළ අතර, ඔහුගේ පුත් මාටින් පසුව කලක සිහිපත් කළේ “දුමාරයෙන් කාමර වැසී තිබු අතර
එතරම් දුමක් තුල මිනිසුන්ට පැය ගණනක් ජීවත් වීමට හැකිවීම පුදුමයක්” යනුවෙනි.

ෆ්‍රොයිඩ් තම වැඩ කටයුතුවලදී සුරුට්ටු පානයෙන් ඇති වු උද්දාමය බෙහෙවින් උපකාරී වු බව නිගමනය කළ අතර ජීවිතයේ අවසාන භාගයේදී ඔහු කියා සිටියේ “මගේ වැඩ කිරීමේ හැකියාව විශාල ලෙස තීව්‍ර කිරීම සහ මගේ ආත්ම දමනය සඳහා පහසුකම් සැලසීම” සුරුට්ටු භාවිතයෙන් තාමා ලද ජයග්‍රහන බවයි.

ඔහුගේ ජීවිතයේ අවසානය වන විට, දුම්පානය නිසා ඇති වූ පිළිකාවන් කිහිපයකින් ඔහු වැළඳී ඇති බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කළ අතර වියානාහි ලබා ගැනීමට අපහසු වූ ඔහුගේ ප්‍රියතම සුරුට්ටු ඔහුගේ මිතුරන් දිගින් දිගටම ඔහුට එවීය.

 

  • ෆ්‍රොයිඩ් 13 වතාවක් නොබෙල් ත්‍යාගයක් සඳහා නම් කරන ලද නමුත් කිසි විටෙකත් නොබෙල් ත්‍යාගකට හිමිකම් නොකියන ලදී.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය වෘත්තීය ජීවිතය තුළ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව යන අංශ සඳහා නොබෙල් ත්‍යාගයක් සඳහා වසර දොළහක් නම් කරන ලද අතර 1915 සාහිත්‍ය සඳහා වු නොබෙල් ත්‍යාගයක් සඳහා නම් කරන ලදී. මෙම කිසිම අවස්තාවකදි ඔහු එම ත්‍යාගය සදහා හිමිකම් නොකියන ලදි.

ෆ්‍රොයිඩ්ගේ නම නැවත 1936 දී සාහිත්‍ය ත්‍යාගය සඳහා නම් කරන ලද නමුත් එම ත්‍යාගය ලබා දිනා ගැනිමය හෙතෙම අපොහොසත් විය. නොබෙල් ත්‍යාගය දිනා ගැනිමට අපොහොසත් වීම කිසිදු ලැජ්ජාවක් කරුණක් නොවු නමුත්, ෆ්‍රොයිඩ් සම්බන්ධයෙන් එය විවාදාත්මක කරුණක් බවට පත්විය.

ඔහුට නොබෙල් ත්‍යාගයක්වූ ලබාගැනීමට නොහැකි වුයේ විමර්ශකයෙකු විසින් ඔහු ඉදිරිපත් කල කාර්ය්‍යන් පිළිගත හැකි විද්‍යාව මත පදනම් නොවන බව තෝරා ගැනීමේ කමිටුවට නිර්දේශ කිරිම හේතුවෙන් වු අතර තවදුරටත් විමර්ශකයා කමිටුවට දැනුම් දුන්නේ ෆ්‍රොයිඩ්ගේ කාර්ය්‍යන් තුල සැබෑ විද්‍යාවේ අවශ්‍යතා නොමැති බව ය. මෙහි වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම කමිටුවට ඇල්බට් අයින්ස්ටයින් ඇතුලත් වීමය.

ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණය වර්ධනය කිරීම සත්‍යය මත පදනම් වූවක් බව විද්‍යාත්මක ප්‍රජාව නොසැලකූ අතර, ෆ්‍රොයිඩ් එයින් වැඩි ප්‍රමාණයක් පදනම් කර ගෙන ඇත්තේ ඔහුගේම න්‍යායන් මත වන අතර එය අත්හදා බැලීම් මත පදනම් නොවු කරුණු වන බව ඔවුහු විශ්වාස කළහ. නොබෙල් වෛද්‍ය කමිටුවේ එක් සාමාජිකයෙක් “අද (1929) අපට පෙනෙන පරිදි ෆ්‍රොයිඩ්ගේ සමස්ත මනෝ විශ්ලේෂණ න්‍යාය බොහෝ දුරට උපකල්පනයක් මත පදනම් වේ” යැයි ප්‍රකාශ කර තිබු අතර 1938 න් පසු ෆ්‍රොයිඩ් නැවත කිසි දිනෙක නොබෙල් ත්‍යාගයක් සඳහා නම් කරනු ලැබුවේ නැත.


Share this Article

Leave a Reply

Your email address will not be published.