සිංහල ගීත කිහිපයක් සම්බන්ධයෙන් කලාකරුවන් දෙදෙනෙකුට වාරණ නියෝගයක්

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට එහි නව ඇල්බම දෙක වන ‘මොඩ් ගොවියා’ සහ සුන්දරියේ ගීත 20ක් අන්තර්ජාලයට මුදා හැරීම, ගායනා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

තමා රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් සමඟ එක්ව ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම නිර්මාණය කර ඇති බව පැමිණිලිකරු අධිකරණයට දන්වා සිටියේය.

වගඋත්තරකරුවන් දෙදෙනා සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති අතර කණ්ඩායම විසුරුවා හැරීමට පෙර නිෂ්පාදනය කරන ලද ‘මොඩ් ගොවියා’ සහ සුන්දරියේ’ ඇල්බම දෙකෙහි ගීත ගායනා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කළ බව ඔහු පැවසීය.

මෙය බුද්ධිමය දේපළ නීතිය උල්ලංඝනය කිරීමක් බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

කරුණු සැලකිල්ලට ගත් කොළඹ වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට වාරණ නියෝගයක් සහ නොතීසි නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *