සෑම ප්‍රධාන නගරයකම අපජල කළමනාකරණ පද්ධති පිහිටුවීමට සැලසුම්

දැනට ප්‍රදේශ කිහිපයකට සීමා වී ඇති අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේදී දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරය සහ මහනුවර අලුතින් ඉදිකරන ලද ගන්නෝරුව අපජල පවිත්‍රාගාරය අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති උත්සවයකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහත්මිය සමඟ මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය” විවෘත කරමිනි.

රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ‘ජාතික සනීපාරක්ෂක සැලැස්මක්’ නිර්මාණය කිරීමට හැකිවීම රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

භූගත ජලය සංරක්ෂණය කිරීම, පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංවේදී ප්‍රදේශ හරහා ගලා යන ජල ප්‍රවාහයේ ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා ක්‍රියා කරන 2030 දක්වා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැලැස්ම ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *