සැකකරු පොලිස් සිරමැදිරිය තුළ රූගත කිරීම ගැන සොයා බලන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණයෙන් නියෝග

කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රූගත කර දර්ශන අන්තර්ජාලයේ නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කළේය.

කුරුණෑගල වෙළෙඳ සංකීර්ණය අසලදී පුද්ගලයෙකුට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥ දුනුසිංහ කියා සිටියේ තම සේවාදායකයා මුදල් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තුරු පොලිස් සිරමැදිරියේ රඳවා සිටි බවයි.

තම සේවාදායකයා පොලිස් සිරමැදිරියේ සිටියදී කිසියම් අයෙකු ඔහු සිරමැදිරිය තුළ සජීවීව වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට අවධාරණය කළේය. මෙම සිදුවීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

නීතීඥවරුන්ගේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කියන්නේ කුමක්දැයි විමසා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

පසුව පොලිසියේ ප්‍රකාශයට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කීර්ති දුනුසිංහ තම සේවාදායකයාගේ සිරමැදිරිය තුළ සිටින වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ සංසරණය වෙමින් පෙන්වා දෙමින් කියා සිටියේ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අවි ගබඩාව පිහිටා ඇත්තේ පොලිස් ලොක්අප් එක ආසන්නයේ බවත් එහි තිබූ අවි ගබඩාව තිබෙන බවත්ය. පොලිසියට නොදැනුවත්වම මේ වගේ සොරකම් කරනවා.

පොලිස් සිරමැදිරිවල රඳවා සිටින සැකකරුවන් වීඩියෝ කර මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම මාධ්‍ය සදාචාරය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව නීතීඥ දුනුසිංහ අවධාරණය කළේය.

තම සේවාදායකයා සිරමැදිරිය තුළ සිරකර සිටින අයුරු අන්තර්ජාලයේ ප්‍රචාරය වීම හේතුවෙන් තම සේවාදායකයාට, ඔහුගේ බිරිඳට සහ දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය. ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතීඥවරයාගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා එම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කර වාර්තාව කඩිනමින් අධිකරණයට නිකුත් කරන ලෙස නියෝග කළේය.

කුරුණෑගල වෙළෙඳ සංකීර්ණය අසලදී පුද්ගලයෙකුට පහර දී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා. . සැකකරු රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *