සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවය.

“උසස් පෙළ කල්යන්නේ නෑ. විභාග කාලසටහන් මුද්‍රණය කරලා ඉවරයි. දරුවෝ සුදානම්. පාර්ශව දෙකක් විතර උසාවි ගිහින් තියෙනවා. අපි ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. උසස් පෙළ මාස තුනක් ප්‍රමාද වීමෙන් මාර්තු, අප්‍රේල් තියන්න තිබුණ සාමාන්‍ය පෙළ මැයි, ජූනි වගේ වෙනවා. ඒ දරුවන්ට ටර්ම් 6ක් දෙන්න ඕනේ. මම ඕක පාර්ලිමේන්තුවේ පැහැදිලි කළා. සමහරුන්ට තේරුණේ නෑ. කොහොම වුණත් සාමාන්‍ය කාලසටහනට සිලබස් කවර් කරන එක ලබන අවුරුද්දේ ඉවර කරනවා. නමුත් විභාගය ටිකෙන් ටික ඉස්සරහට ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *