අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ දියණිය ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රතාත්වරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
අත්අඩංගුවට ගැනීමට ගිය සැකාකාරියගේ දියණිය සිය ගෙල ප්‍රදේශයට පිහියක් තබා සියදිවි හානිකර ගන්නා බවට පොලිසියට තර්ජනය කරකරමින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් රාජකාරියට බාධා කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එහිදී පොලිසිය එම තත්ත්වය පාලනය කර එම ස්ථානයේ සිටි සැකකාරිය, ඇයගේ දියණිය සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව අධිකරණය නියෝගයකට අකීකරුවීම, අන්තරාදායක ආයුධවලින්, ක්‍රමවලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදුකිරීම, රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකශ කරනු ලැබූ ආඥාවකයට අකීකරුවීම හා සාපරාධි බියගැන්වීම යන වරද ඔස්සේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය වූ අවස්ථාවේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නිහාල් තල්දූව මහතා පැවැසීය.