මහජන රැළියකදී කරන ලද ප්රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා දින නියම කළේය.
දිසානායක මහතා සිය නීතිඥ සානිකා සිල්වා මහත්මිය මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.
2023 අගෝස්තු 19 වැනි දින මැද කොළඹ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියකදී සිදු කළ ප්රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුවූ බවත් එමගින් සිදුවූ හානියට විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.
නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් මහතා සහ අදාළ ප්රකාශය ප්රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර ඇත.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වෙන දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.