සාගරගෙන් – ජනපතිට උත්තර

දේශපාලන වාසී ලබා ගැනීමේ අරමුණින් රට බේරාගත් නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට හෝ විජේරාම නිවසින් ඉවත්කිරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේය.

ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදින්ගේ ගොදුරක් කිරීමට දරන උත්සාහයක් නිසා යැයි සැක කරන බවත් එය සිදු කරන්නේ කාගේ වුවමනාවට දැයි වහා හෙළිදරව් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා කීය.

මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස රජයට ගන්නවා යැයි ජනාධිපතිවරයා කළුතර දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුව කොළඹ නෙළුම් පොකුණ මාවතේ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *