ස්ථිර – කොන්ත්‍රාත් 6000ක් ස්ථිර කරන්න අවධානය

ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතන වල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය  සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකෙරිණි.

අදාල සේවකයන් ගැටළුව ද කඩිනමින් නිරාකරණය කර ගත හැකි වනු ඇති බවට  විශ්වාසය පළ කළ අමාත්‍යවරයා ඒ අනුව දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය  සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) පිරිසට පත්වීම් ලබා දී අවසන් කළ හැකි වනු ඇති බව ද සඳහන් කළේ ය.

රාජ්‍ය සේවාවට අනවශ්‍ය ලෙස බඳවා ගැනීම් සිදු නොකරනවා මෙන් ම දැනට බඳවා ගෙන සිටින රාජ්‍ය සේවකයින් ට අවශ්‍ය වෘත්තීමය පුහුණුව සහ දැනුම ලබා දී ඔවුන් යාවත්කාලීන කීරීමේ වගකීම රජය බාර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *