අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ සහල් බෙදාදීමේ රජයේ වැඩසටහනේදී එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ කල් ඉකුත් වූ සහල් බෙදාදෙන බවටත්, සහල් වෙනුවෙන් මුදල් අයකරන බවටත් ප්‍රෙද්ශ කිහිපයකින් චෝදනා එල්ලවී ඇති පසුබිමකය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා අද දෙරණට සඳහන් කළේ වැඩසටහන අක්‍රමිකතාවලින් තොරව සිදුකිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් නිරීක්ෂණ කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගන්නා බවය.
රජය විසින් නොමිලේ බෙදාහරින සහල් සඳහා මුදල් අයකිරීම් මෙන්ම ගුණාත්මකභාවයෙන් අඩු සහල් බෙදාදීමේ සිදුවීම් පිළිබඳව අද දෙරණ ඊයේ වාර්තා කළේය.


