සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරී අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.