වී

සහල් මාෆියාව බිඳින්න වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 32 ක් මිලදී ගෙන

සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් සහ සාධාරණ මිලකට ගොවීන්ට වී මිලදී ගැනීම සඳහා යුද හමුදාවේ සම්බන්ධීකරණය යටතේ ගත වූ සති දෙකක කාලය තුළ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී කිලෝ 32,68,600 ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ නැගෙනහිර පළාතෙන් වන අතර නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහය මත වී කිලෝ 18,88,950 ක් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහයෙන් වව්නියාව ප්‍රදේශයෙන් වී කිලෝ 870,350 ක් මිලදී ගෙන ඇති අතර ඉතිරි වී කිලෝ 509,350 ක ප්‍රමාණයක් බස්නාහිර, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයන්ට අයත් ප්‍රදේශ වලින්ද මිලදී ගෙන ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලයට අයත් පාවිච්චි කළ නොහැකි තත්වයේ පවතින වී ගබඩාවන් 38 ක් මේ වෙනුවෙන්ම යුද හමුදාව අලුත්වැඩියා කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මිලදී ගත් මුළු වී තොග අතරින් සම්බා කිලෝ ග්‍රෑම් 1,196,950 ක් සුදු නාඩු කිලෝ ග්‍රෑම් 1,436,00 ක් පවතින බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *